බිව්ව ගමන් කෙලින් වෙන විස්මිත පානය...

බිව්ව ගමන් කෙලින් වෙන විස්මිත පානය...














නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ඒක කැඩෙන්නේ? කොල්ලෝ විතරක් කියවන්න


Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ මොකක්ද කියලා... Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක්.. වාගිකා ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා... මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව.. දිව පොඩ්ඩක් උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි..නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට.. මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ.. නූල ගැන දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්..
Penisfrenulum.jpg


 මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහි‍ටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා.. අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..

Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...ඒකට කියන්නේ Frenulum breve කියලා..  Frenulum breve කියලා කියන්නේ නූල කෙටි වීම.. ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා... පහළින් දාලා තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg
පේනවා නේද ඇඹරිලා තියෙන හැටි.. මෙහෙම වෙනවා නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්... ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා.. අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...

සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම.. ඒ කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් කිරීම.. එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්...

මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්... මොකද ඔය Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා.. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ.. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට.. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ.. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි.. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර.. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..

ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises). නමුත් එහෙම කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක ...

මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා...  එකක් තමයි Frenuloplasty කියන ක්‍රියා පිළිවෙත.. මේකෙදි කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm කින් දිග වැඩි කිරීම කරනවා... එහෙමත් නැත්නම් Frenectomy කියන සැත්කම මඟින් සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා... එහෙමත් නැත්නම් Circumcision හෙවත් සුන්නත් කිරීම සරලව කියනවානම් කොන කැපීම  කියන සැත්කම කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් විදිහට තමයි සළකන්නේ.. මොකද ඒක නිසා වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..

ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා  කියලා කියන නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි බොහෝ විට.. නූල ඉවත් කලාම ඉතින් මෙහෙම තමයි තියෙන්නේ...
penis-split-frenulum.jpg


මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??

මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා.. ඒත් ලිපිය සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..  නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා... ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන..  නැත්නම් එස්ලෝන් බටයකට
අන්තිමට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා.. Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.. මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්.. ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්  උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා  මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්.

නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි . අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ . අන්න ඒ ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ .

පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ  . පසු පසට යන්න ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ . නමුත් ශිෂ්ණ මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ . මොකද මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා  . මේ විදිහට පෙර සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.

Normal penis.jpg

ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා . ඒක හෙන වැරදි මතයක් . මොකද ඔහොම පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම පස්සට යන්න . නමුත් ගොඩක් අයගේ ඔය කොටස දක්වා පස්සට යන්නේ නැහැ . යන්නේ බොහෝම පොඩ්ඩයි හරියට මේ පහල පින්තූරේ තියෙන්නම් වගේ .
Phimosis.jpg
හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා .මෙම තත්වය සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ . මොකද Phimosis තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා . අපි දැන් මේ දෙක වෙන වෙනම බලමු .

1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා . කොටින්ම මේක ලියන මට කියවන උඹලාට උනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා . නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 - 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා බහුතරයකගේ . නමුත් පෙම්වතා පියයුරු වලින් මිරිකුවාම ළමයි හම්බුවෙනවද කියලා  පත්තර වලට ලිපි යවලා අහන්න තරම් දියුණු ලිංගික අධ්‍යයාපනයක් තියෙන ලංකාව කියන රටේ  ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි . ඒක නිසා ඕක පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ . ඒක නිසා පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව . මෙන්න මෙහෙම තමයි ඒ අයගේ ශිෂ්ණය තියෙන්නේ පෙර සමත් පස්සට ඇද්දාම .

Phimosis.jpg


එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ . ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 - 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න . නමුත් දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක එක විකල්ප ගොඩාක් තියෙනවා . ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි කිව්වොතින්  ඒ වෛද්‍යයවරයා යල් පැන ගිය කෙනෙක් . මොකද සාමාන්‍යය (Phimosis)

තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ . යම් කෙනෙක් එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක් . මොකද අවුරුදු 18 - 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින්   මාස 6 ක් වගේ යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ .මොකද ඉතාමත් සංවේදී කොටසක් වෙච්ච ශිෂ්ණ මුණ්ඩය සැත්කමට පස්සේ සදාකාලිකවම ඔය හම්බයන්ගේ වගේ එලියට නිරාවරණය උනාම කලිසමේ ගැවුනත් ඇඟ කිලිපොලා යනවා . නමුත් මාස 6 ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා . නමුත් එයින් සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ.එහෙනම් මේකට මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක . මාසයක් එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය හොඳටම සුව කරගන්න පුලුවන් . Stretching Exercise .

මීට අමතරව කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන් ... මොකද ඔය Steroids Cream එකෙන් පෙර සමේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා .. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ .. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා .. හැබැයි රජෝ මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට .. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ .. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි ... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි .. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර .. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..

මීට අමතරව Preputioplasty කියලා  බොහෝම කුඩා සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි.. ඒ වගේම Dorsal slit හරි එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා . මේකෙදි කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න .

ඔය උඩ කිව්ව ක්‍රම තියෙන නිසා තමයි මම කිව්වේ සුන්නත් කිරීම එහෙමත් නැත්නම් කොන කැපීම නොකලයුතු දෙයක් කියලා ඔය වගේ සාමාන්‍යය තත්වයේ Phimosis වලදී. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම්  අවසාන විසඳුම තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම .

2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ . ඒ වගේම මේක රෝගී තත්වයක් . මේකෙදි වෙන්නේ පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම . ඝන වීමකට ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා  . ඒ වගේම දැනටමත් පෙර සම පසු පසට ඇදීම සිදු වෙන කෙනෙක්ට උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන් .

මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි . BXO තත්වය ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට . ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ මම උඩින් කිව්ව Steroid Cream ආලේපන වගේ එකක් නිසා හෝ දිලීර ආසාධනයක් උනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන් . මේ පහලින් තියෙන්නේ එහෙම ඝනවෙච්ච පෙර සමක් සහිත ශිෂ්ණයක් .

BXO.jpg

මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම විසඳුම තමයි සුන්නත් කිරීම . කලින් කිව්ව අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ .

Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා . මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක . ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු .ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ . ගොඩක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා .ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම් . මෙන්න මෙහෙමයි Paraphimosis උනොත් ශිෂ්ණය තියෙන්නේ .paraphimosis.jpg

Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා . මොකද ඔහොම ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම . එහෙම උනොත් ඉතින් හනිමුන් නෙමෙයි මොන මුන් වත් වත් නෑ රෑට රෑට අල්ලපු ගෙදර එකාගේ පිහිට තමයි ගන්න වෙන්නේ

Stretching Exercises මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම් , ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම්  ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි . නමුත් එහෙම බැහැනේ අපේ උන්ට. අනික ඔය පෙර සමේ ඇතුලෙන් එකතු වෙන එව්වා පිරිසිඳු කිරීම ශිෂ්ණයේ හා පුරස්ථි ග්‍රන්තියේ (Prostate gland) ඇතිවෙන පිලිකා තත්වයන් මග හැර ගන්න ප්‍රජෝජනවත් . හොඳම දේ තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි තියෙන කුණු ගඳට . ඒක නිසා ඕක පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.

1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා . මම ආයේ කියනවා පසු පසට නෙමෙයි ඉදිරියට . එහෙම කරන්න කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා ගිහින් වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න .

2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද . ලාබ එකක් ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර .

3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න .

4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න . ඇතුලට අත ඔබලා ඔව්ව කරන්න යන්න එපා තුවාල වෙන්න පුලුවන්. තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් .5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න . ආයේ කියනවා යන්තමට කැක්කුම එනකන් විතරයි . දමලා අදින්න එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් . එහෙම යන්තම් කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ නැවත අත හරින්න.



6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න  . මේ විදිහට දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව .

මේකට ඉවසීම තියෙන්න ඕනේ . අනික මේක මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති අප්‍රාණික අවස්ථාවේදි කරන්න . හෙමින් හෙමින් පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි . එතකොට ටිකෙන් ටික ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි . අනික තමයි පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන්  . මේකෙදි කරන්නේ අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක . එහෙම ඇදීමකට ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්

ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද.එහෙනමි මෙම ලිපිය කියවන්න.



ලිංගික ආශාව කියන්නේ මුනෂ්‍යයන්ට වගේම සත්ත්වයන්ටත් පොදු දෙයක්.මානව හා සත්ත්ව ගහණය වර්ධණය වීමෙහිලා වැදගත්වන ප්‍රධානතම සාධකය වන්නේත් සංසර්ගයයි.සතුන් මෙන් නොව මිනිසා තම ලිංගිකත්වය සමිබන්ධ කාර්යන් වලදි වඩා සදාචාර සමිපන්න ලෙසින් ඒවා ඉටුකරගනි.එමෙන්ම තම ලිංගික හැගීමි ආශාවන් පාලනය කරගැනීමෙි හැකියාව මිනිසාට ඇත.එසේ පාලනය කරගැනීමෙි හැකියාවක් නැති සදාචාරය නොසලකා හරිමින් තම ලිංගික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට කටයුතු කරන පුද්ගලයන්ද ඉදහිට හෝ අප අතර නැතිවා නොවෙි.මෙි අතර තම ලිංගික අවශ්‍යතා ආශාවන් පාලනය කරගත නොහැකි අසාමාන්‍ය ලෙස අධික ලිංගික ආශාවන් ඇති පුද්ගලයන්ද අප අතර දක්නට ලැබෙි.දිනකට කාන්තාවන් කීප දෙනෙකු සමග ලිංගිකව එක්වන්නට තදබල ආශාවක් පිරිමියකුට ඇතිවීම හෝ එැවනිම ආශාවක් කාන්තාවකට ඇතීවීම මානසික ව්‍යාකූල බවක ලක්ෂණයක් විය හැක.දිනකට පිරිමින් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්වෙමින් ගණිකා වෘත්තියේ යෙදෙනෙ කාන්තාවන් මෙහිලා සැලකිය නොහැක.ඇය එසේ ලිංගිකව හැසිරෙන්නේ තදබල ලිංගික ආශාවක් නිසා නොව කෙසේ හෝ යමි මුදලක් උපයා ගැනීමෙි අරමුණ මුල් කරගෙනය.කෙසේ වුවද කීප දෙනෙකු සමග ලිංගිකව එක්ව ඉන් ආශ්වාදයක් ලැබීමෙි දැඩි ආශාව මානසික ව්‍යාකූල ලක්ෂණයක් ලෙසින් හදුනා ගෙන ඇත.යමෙකුට අධික ලිංගික ආශාවක් ඇතීවීම කෙරෙහි හේතු කාරණා කීපයක්ම බලපෑ හැක.මුලින්ම ඒවා එකිනෙක විමසා බලමු.

හෝමෝනවල වෙනස්කම්    

          අධික ලිංගික හැසිරීම් පළවීම හෝමෝනවල වෙනස්කම් නිසාද හට ගැනීමට පුළුවන්. ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. මෙහි ගෙඩියක්පිළිකාවක් වැනි දෙයක් හට  ගත් විට ද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයා බැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමු වීම වඩා සුදුසුය. එහිදී නම් හෝමෝන පරීක්ෂණයක් මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්නසොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු විය යුතුයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයෙහි  (BH 10) c ලෙසින්  මේ තත්ත්වය හැඳින්වෙනවා. මෙය ‍පොදු නාමය වුවද කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින්  තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස්  ලෙසිනුත් හඳුන්වනවා.
                    දැන් අපි අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු විමසා බලමු.මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින්  මානසික රෝග තත්ත්වයක් තිබෙනවා.  ද්වී ධ්‍රැවීය යනු අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේ ද 1 සහ 2ලෙසින් කොටස් දෙකක් තිබෙනවා. මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි.  ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝගලක්ෂණ පළ කරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා. ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝග ලක්ෂණපළ කරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නෙ නෑ. නමුත් මේ රෝගීනට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි.  ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත  යුතුතත්ත්වයක් නොවෙයි. මේ රෝගීනට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
            ද්වී ධ්‍රැවීය අංක 1හි එක් අන්තයක් වන්නේ  මේනියා රෝගය බව  ඉහත සඳහන් කළා. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළ කරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වූවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. ඕනෑම කෙනෙකු ඉදිරියේ වුවද ලිංගික හැසිරීමක යෙදීමේ හැකියාව එම රෝගය වැළඳුනු කාන්තාවන් තුළ විශේෂයෙන් දක්නට ලැබෙනවා. ඕනෑම තැනක ඕනෑම විටෙක කිසිදු අපහසුවක් නැතිව තම නිරුවත දැක්වීමට මේ කාන්තාවන්ට පුළුවන්. නමුත් අප  මේ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන නොවෙයි. මේනිසා රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුය.

  මත්පෙති ගැනීම
           නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදු වෙනවා.

  පෞරුෂ දුබලතා  

        අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතා ද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී   හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි. මෙවැනි යුවතියන් තමාට මුණ ගැහෙන පෙම්වතාගේ චාටු බස්වලට ඉක්මනින්ම රැවටෙන අතර ඒ නිසාම පෙම්වතා වෙතින් අමාරුවේ වැටෙනවා. අන්තිමේ තමන්ට අහිමි වූ ආදරය සොයා විවිධාකාර පෙම්වතුන්ගේ ඇසුරට පත්වී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා වැඩි පිරිමින්  සංඛ්‍යාවක් සමග ලිංගිකව එකතු විය හැකියි.                අනතුරු මගින් මොළයට හානි සිදුවීම කිසිදුමානසික ආබාධයක් නැතිව වුවත් හදිසි අනතුරක් වැටීමක් වැනි දෙයක් මගින් මොළයේ ඉදිරිපස පිහිටි කොටස්වලට හානියක් වුණොත් කිසිදු ලජ්ජාවක් බයක් නැතිව ඕනෑම කෙනකු හා ලිංගිකව එකතු විය හැකියි. අපගේ ලිංගිකත්වය පිළිබඳ හැඟීම් පාලනය කරන්නේ මොළයේ ඉහත කී කොටස්වලින්. මේවාට හානිවීම මත ලිංගික හැඟීම් පාලනය කිරීමට මොළයට නොහැකි වෙනවා.අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් පළ කිරීමට හේතු බොහෝ විටම මේවායි. ඒ අනුව එබඳු කෙනකුට කායික හේතුවකින් තොරව එවැනි ලක්ෂණ ඇති වන්නේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.

දවසකට කී වතාවක් සෙක්ස් හැගීම් එනවද ?


ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි.මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක
අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි.මේ අනුව අප අවදියෙන් සිටින කාලය ඇතුළත දිනකට දල වශයෙන් පිරිමියෙකු ලිංගික කාර්යය ගැන සිතන වාර ගණන 7200 ක් පමණ වේ.
ඇත්ත වශයෙන්ම ඔබට දවසක් පුරා පහළ වන සිතුවිලි තවත් කෙනෙකුට ගණනය කළ හැකි දෙයක්ද?
එක්සත් ජනපදයේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් මෙය සිදු කළේ මේ ආකාරයටයි.
තෝරා ගත් සිසුන් 283 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදා වෙන් කර කුඩා උපකරණයක් ඔවුන් හැම කෙනෙකුට ම ලබා දුන්ණේය.මෙම සිසුන් කළ යුත්තේ ලිංගික කාර්යය, නින්ද හෝ ආහාර පිළිබඳව සිතුවිල්ලක් ඇති වන සෑම මොහොතකම ඉහත කී උපකරණයේ අදාළ බොත්තම එබීමයි.මෙම සමීක්ෂණයට සහභාගී වූ ශිෂ්‍යයන්ට ලිංගික කාර්යය පිළිබඳව සිතුවිලි පහළ වී ඇත්තේ දිනකට දහනම වතාවකි. (සාමාන්‍ය අගය)නමුත් ශිෂ්‍යාවන් ඒ පිළිබඳව සිතා ඇත්තේ දිනකට දස වතාවක් පමණි.
එමෙන්ම ආහාර සහ නින්ද ගැනද වැඩියෙන් ම සිතා ඇත්තේ පිරිමි පාර්ශවය යි.
ඉන් පෙනී යන්නේ පිරිමින්ට එවැනි සිතිවිලි වැඩියෙන් පහළ වීම විය හැක. එසේ නොමැති නම් අපැහැදිලි සිතුවිල්ලක් පවා වාර්තා කිරීමට පිරිමින් පෙළඹුනා විය හැකිය.
රාගික අදහසක් පහල වූ බවට අඩුම වාර ගණන වාර්තා වී ඇත්තේ දිනකට එක් වතාවක් වන අතර වැඩිම වාර ගණන ලෙස 388 වතාවක් බොත්තම එබූ පුද්ගලයා ලැයිස්තුවේ ඉහළින්ම සිටියි. මොහු සෑම විනාඩි දෙකකටම වරක් ඒ ගැන සිතා ඇත.
තවත් කණ්ඩායමක් මෙම සමීක්ෂණය ම සිදු කර ඇත්තේ අහඹු අවස්ථාවන් වලදී තම ජංගම දුරකථනයට දත්ත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමෙන්.
එහි දී ලැබුණු ප්‍රතිඵලයන් හි සාමාන්‍ය අගය වූයේ පුද්ගලයෙකු ලිංගික කාර්යය පිළිබඳව දිනකට හත් වතාවක් හිතන බවයි.
නමුත් යම් කෙනෙකුට උපකරණයක් ලබා දී යම් කාර්යයක් පැවරූ විට එය නිරන්තරයෙන් සිහියට පැමිණීම නොවැළැක්විය හැකි දෙයක් බවයි මෙම සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.
එම නිසා සෑම තත්පර හතකට ම වරක් ලිංගිකත්වය හා බැඳි සිතුවිල්ලක් පහළ වන බවට පැවසෙන වාර්තා බැහැර කළ හැකි වෙයි.
එමෙන්ම, සත්‍ය වශයෙන්ම සිතිවිලි මැන බැලීමට නිවැරදි ක්‍රම වේදයක් නොමැති බවද ඉහත කී සමීක්ෂණ කණ්ඩායම් පවසති.

ඔබේ පියයුරු,තට්ටම් හා පුරුෂ ලිංගය ස්වභාවිකවම විශාල කර ගන්න.මෙන්න ක්‍රමේ...



අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.
මුලින්, ඔබ එක් පියයුරක් එක් විටක මසාජ් කරන්න ආරම්භ කරන්න. ඔයාගෙ වම් පැත්තෙන් ආරම්භ කරන්න. මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍‍්‍රීම් එකක් ආලේප කරන්න හොදින් තණ පුඩුව ආසන්නයේ හෝ තණ පුඩුව මත ගැල්වීමෙන් වලකින්න. දැන් හොදින් අතුල්ලන්න එම තෙල් හෝ ක්‍රීම් එක් හොදින් පදම් වෙනකම් දැන්, ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහල කොටසෙ මුල්ම හරියෙන්. ඉන්පසු, සෙමින් ඉදිරියට අත තල්ලු කරන්න, ලාවට තද කරන්ම එහෙම කර ඔබේ පපුවෙහි මැද ‍කොටසට ආ පසු තද තරන් ඉන්න. ඊ‍ට පස්සෙ, ඔයාගෙ වම් අත අරගෙන ඒ පියයුරෙහිම වම් පැත්තෙන් තබා ගන්න. ඔබේ මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිත කරමින්, පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට පසාජ් කරන්න ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මේ මසජ් ක්‍රමය දිනපතාම උදේට කරන්න.
ඒ වගේම මෙය කරගෙන යන අතර තුර ඔබ ඊස්ටර්ජන් හෝමෝනය අධික ආහාර ද ආහාරයට ගත යුතුයි.
මෙම හෝමෝනය අධික ආහාර මෙසේයි හණ ඇට ටෝෆු සෝයා බෝංචි ඇට සෝයා යෝගට් තල ඇට ඉහත ආහාර හැකි තරම් ආහාරයට ගන්න ඉහත මසාජ් කිරීම නවත්වන්නත් එපා. මෙම ක්‍‍්‍රියාවලිය ආරම්භ කරන විට ඔබේ පියයුරු වල පැහැදිලි ඡුුායාරූපයක් ගන්න. මාස 6ක් මෙම මසාජ් එක කිරීමෙන් හා මෙම ආහාර භාවිතයෙන් අනතුරුව නැවත ඡුුායාරූපයක් ගෙන සංසංදනය කර බලන්න වෙනස. මෙය වසර කිහිපයක් ඔබට ඇතැම් විට සිදු කිරීමට සිදු වේවි. නමුත් ප‍‍්‍රත්ඵල අති විශිෂ්ට වේවි.

කාන්තවන්ගේ සුවයන් වින්දනය ගැන මෙතෙක් හෙළි නොවූ ඔබ පිස්සු වට්ටන රහස් කරුණු 10 ක්.