
මා හට ලැබෙන අතිමහත් ගැටළු වලින් එකක් වන පිරිමින්ගේ සුරාන්තය සහ එයට අදාළ ගැටළු කිහිපයකට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ලිවීමට අදිටන් කළෙමි. මෙවැනි ලිපි ලිවීමට මා හට ධෛර්යය ලබා දෙන පාඨක ඔබ සැමට මාගේ කෘතඥතාවය මෙයින් පළ කර සිටිමි.මෙම ලිපියට පෙර මා විසින් පළමුවෙන්ම ලියූ ලංකාවේ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ දැනුම යන ලිපියෙන්ද මේ පිළිබඳව විස්තර කර ඇත්තෙමි. එහෙත් තවත් විස්තර සහිතව මෙම ලිපිය ලිවීමට මම අදහස් කළෙමි.
ඇත්තෙන්ම පිරිමි යන කොට්ඨාශය සෑදී ඇත්තේ තම වර්ගයා හැකි පමණ බෝ කිරීමටය. මේ සඳහා ස්වභාවධර්මය විසින් ලබා දී ඇති දායාදයක් ලෙස ඉක්මනින් ශුක්‍රාණු පිට කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දිය හැකිය. මෙය විනාඩි 3 සිට විනාඩි 10 දක්වා දිගු විය හැකිය. එහෙත් වත්මන් සමාජය තුළ පිරිමියා දිගු කාලයක් ලිංගික ක්‍රියාවෙහි යෙදීම ඉස්මතු කර ඇති බැවින් ( විශේෂයෙන් කාමුක නිල් චිත්‍රපට වල) පිරිමියාට දැඩි පීඩනයක් එල්ල වී ඇත. බොහෝ පිරිමින් තම ලිංගිකත්වය පිළිබඳ මානසිකත්වය සාදා ගන්නේ නිවැරදි පොත පත ආශ්රයෙන් හෝ නිවැරදි දැනුම ඇති අය ආශ්රයෙන් නොවන බව මා පුන පුනා පවසන කාරණයකි. ඇතැම් පිරිමින් සිතා සිටිනුයේ ලිංගික කර්තව්‍යය විනාඩි 45 ක් පමණ අල්ලාගෙන සිටිය හැකි දෙයක් ලෙසය. ස්වභාවිකව එකදිගට එය එසේ කළ හැකි පිරිමියෙක් වෙතොත් මම ඔහුට ඊර්ශ්‍යා කරමි. ඔහුගේ සහකාරියට ඔහු , ඇය ලැබූ මෙලොව උතුම් ම ත්‍යාගය වනු ඇත. මා දැන් ඔබ සමග සාකච්ඡා කිරීමට යන කරුණු මුළු පිරිමි සමාජයට මෙන්ම ලිංගික ඇසුරක් පවත්වන සියලුම කාන්තාවන්ට වැදගත් වන අතර , පිරිමි තමාගේ හැකියාව පිළිබඳව ඇති හීන/අධි මානය සහ කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නව අරුතක් මෙන්ම නව මානයක් ද පැනනංවනු ඇත.
විද්‍යාඥයන් හා ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයන්ගේ පර්යේෂණ අනුව යම් පිරිමියෙකු ලිංගිකව එකතු වී සුරාන්තයට පත්වීමේ අරමුණින් එක දිගට තම ලිගුව ඇතුළු කරන්නේ නම් ඔහු විනාඩි තුනත් දහයත් අතර තුර කාලයේදී සුරාන්තයට පත්වේ. එහෙත් මෙය පිරිමියාගේ ලිංගික දරාගැනීම , මානසික තත්ත්වය ආදී දේ මතද සහකාරියගේ යෝනිය කෙතරම් තෙතමනය ඇත්ද , යෝනිය කෙතරම් තද ද යන්න මතද රඳා පවතියි. මෙම ලිංගික ක්රියාවේ ආරම්භයේ සිට සුරාන්තයට පත්වීමට ගත වන කාලය වැඩි කරගැනීමට ස්වභාවික ක්‍රම කිහිපයක් ඇත.
- සිත වෙනතකට යොමු කිරීම
ඇත්තෙන්ම මෙය මඳක් අපහසු වනුයේ අප මෙයට නුහුරු බැවිනි. මක්නිසාද ලිංගික කර්තව්‍යයේ යෙදෙන පිරිමියෙකුගේ මනසේ ස්වභාවයෙන්ම ඇත්තේ හැකි පමණ ඉක්මනින් සුරාන්තයට පත්වීමයි. එබැවින් මෙම මානසිකත්වය වෙනස් කිරීමට සිත වෙනතකට යොමු කිරීම මගින් සුරාන්තයට පත්වීමට ලැබෙන ස්නායුමය පීඩනය මඳක් වෙනස් කළ හැකිය.
- නවතා නැවත ආරම්භ කිරීම
සුරාන්තයට ළඟා වීමට ආසන්න වන විට ලිගුව ඇතුළු කිරීම නවතා මඳ විවේකයක් ගැනීමෙන් සුරාන්තයට පත්වීමේ විභවය පහත හෙළිය හැකිය.
- සෙමෙන් සෙමෙන් ලිඟුව තල්ලු කිරීම
බොහෝ පිරිමි ලත් තැනම ශිඝ්රගාමී ගමනේ යෙදෙති. මෙය දිගු වේලාවක් රතිකෙළියෙහි රැඳීසිටීමට විශාල බාධාවකි. තම සහකාරිය සමග සුහද ආලිංගනයේ යෙදෙමින් සෙමෙන් සෙමෙන් මෛථුන්‍යයේ යෙදෙන්න.
- ඉරියව් මාරු කිරීම සහ තම සහකාරිය සහ තමා ලිංගික ක්‍රියාවෙහි මාරුවෙන් මාරුවට මුල්තැන ගැනීම
පිරිමියාට සහ ගැහැණියට ආශ්වාදය විවිධ අයුරින් ලැබෙන ලිංගික ඉරියව් බොහෝ ප්‍රමාණ ඇත. එලෙසම පිරිමියාට මෙන්ම ගැහැණියටද ලිංගික ක්‍රියාවෙහි මුල්තැන ලබාගත හැකි ඉරියව්ද ඉහත ඉරියව් කුලකයේ පවතියි. මෙලෙස ඉරියව් මාරුකිරීම සහ රිද්මයේ වෙනස් කම් කිරීම් මතින් ද සුරාන්තයට ළඟා වීමේ විභවය අඩුකරගෙන දිගු වේලා මෛථුන්‍යයේ යෙදිය හැකිය.
- කීගල් ව්‍යායාම කිරීම
කාන්තා සුරාන්තය පළමු කොටස හිදී මා සඳහන් කළ PC මාංශපේශි ව්‍යායාමයන් පිරිමින්ටද අතිශය වැදගත් වනුයේ ඔවුනට සුරාන්තය පාලනය කිරීමක් PC මාංශපේශි පාලනය කිරීමට ඉගෙන ගැනීම කළ හැකි බැවිනි.
ඉහත කරුණු ස්වභාවික දේ වුවද බොහෝ පිරිමින් තම වින්දනය මෙන්ම තම හීන මානය නැති කරගැනීමට බොහෝ ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිත කරයි. මෙවැනි බොහෝ ඖෂධ ලිංගික බෙලහීනතාවයට ලබාදෙන ඖෂධ වේ. ඇතැම් මෙවැනි ඖෂධ වල අතුරුප්‍රතිඵල ලෙස ලිඟුව ප්‍රාණවත් වීම සැලකිය හැකිය. පැරසිටමෝල් වැනි එදිනෙදා බොහෝ දෙනා භාවිතකරන වේදනා නාශක වලද අතුරු ආබාධ පිළිබඳ කිසිදු දැනුමක් අපහට නැති නම් ; මෙවැනි ඖෂධ භාවිතයෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳ අපට වැටහීමක් කොහෙත්ම නැතිබව අප වටහා ගත යුතුය. කෙසේ වෙතත් මෙවැනි ඖෂධ භාවිතයෙන් ලිංගය ප්‍රාණවත්ව තබාගත හැකි අතර දිගු වේලාවක් සුරාන්තයට පත්වීමට ගතවේ. එහෙත් මෙය සහකාරියට කෙතරම් දුරකට සුඛදායී වේ දැයි මම නොදනිමි. එය ඔබ තීරණය කළ යුතු දෙයකි.
මෙම ලිපිය මාගේ කාන්තාවන්ගේ සුරාන්තය පළමු කොටස සහ සුරාන්තයේදී කාන්තා දියවිදුම යන ලිපි හා බැඳේ. පෙර ලිපි වලදී , ශ්‍රෝණිය පෙදෙසේ හෙවත් ශරීරයේ ඉදිරිපස පෙදෙසට මුහුණලා , යෝනි මාර්ගය තුළ අඟල් දෙකක් පමණ ඇතුළතින් ඇති පීඩනයට සංවේදී ස්ථානයක් ඇති බවත් , ප්‍යුබෝකොක්සිගස් යනුවෙන් මාංශපේශි ඇති බවත් ඒවා ශක්තිමත් කර ගැනීමෙන් විශිෂ්ට සුරාන්ත(ය) ලඟා කර ගත හැකි බවත් පැවසිනි. මෙම ලිපි වලට මහත් ප්‍රතිචාර තිබූ බැවින් මෙහි දෙවන කොටසක් ලෙස එහිම අටුවාවක් ගෙන හැර දක්වමි.
කාන්තාවන්ට සුරාන්තයට ළඟා වීමට ප්‍රධානතම බාධාවක් වනුයේ ඔවුනගේ ලජ්ජාවයි. එය සත්‍යයකි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කැරෙන කාන්තාවනට සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ. මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බිය වේ. ඇත්තම කාරණය නම් සහරුවාට අවශ්‍ය වනුයේ (ඇත්තෙන්ම අරමුණ වනුයේ ) ඔබට හොඳ සුරාන්තයක් ලබා දීමටයි. ඔබට සුරාන්තයක් ළඟා කරදීමට ඔහු අපොහොසත් වුවොත් , ඔහුද මානසිකව ඇදවැටෙනු ඇත. මෙය ඉංග්‍රිසියෙන් help you , help me හෙවත් ඔබට උදව් කිරීමෙන් මටද උදව් ලැබේ යන සිද්ධාන්තය හා බැඳේ.
කාන්තාවන්ට විශේෂයෙන් සුරාන්ත ළඟා කරගත හැකි ඉරියව් කිහිපයක්ද පවතී. මේ අතුරින් සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry ) , වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry) , ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Seated ) , ගැට්ට මත ( On the edge - seated front entry ) ආදී වූ ඉරියව් කිහිපයක් වෙයි. මේවා මඳක් විමසා බලමු.
කාන්තාවන්ට සුරාන්තයට ළඟා වීමට ප්‍රධානතම බාධාවක් වනුයේ ඔවුනගේ ලජ්ජාවයි. එය සත්‍යයකි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කැරෙන කාන්තාවනට සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ. මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බිය වේ. ඇත්තම කාරණය නම් සහරුවාට අවශ්‍ය වනුයේ (ඇත්තෙන්ම අරමුණ වනුයේ ) ඔබට හොඳ සුරාන්තයක් ලබා දීමටයි. ඔබට සුරාන්තයක් ළඟා කරදීමට ඔහු අපොහොසත් වුවොත් , ඔහුද මානසිකව ඇදවැටෙනු ඇත. මෙය ඉංග්‍රිසියෙන් help you , help me හෙවත් ඔබට උදව් කිරීමෙන් මටද උදව් ලැබේ යන සිද්ධාන්තය හා බැඳේ.
කාන්තාවන්ට විශේෂයෙන් සුරාන්ත ළඟා කරගත හැකි ඉරියව් කිහිපයක්ද පවතී. මේ අතුරින් සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry ) , වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry) , ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Seated ) , ගැට්ට මත ( On the edge - seated front entry ) ආදී වූ ඉරියව් කිහිපයක් වෙයි. මේවා මඳක් විමසා බලමු.
- සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry )
- වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry)
- ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Woman on top )
- ගැට්ට මත ( On the edge - standing front entry )
සුරාන්තයක් ලැබීමේදී හා ඒ අතරතුර කාලයේදී කාන්තාවකගේ සිදුවන කායික විපර්යාසයන් සැකවින් දක්වමි. මිනිසාට මෙන්ම දෙපයින් නැගී සිටින ක්ෂිරපායි සතුන් (වානරයන්) තම හැඟීම් මුහුණ මගින් පෙන්වයි. සුරාන්තයේ දීද මිනිසාගේ මුහුණේ ඉරියව් අනන්‍ය ලෙස වෙනස් වේ.
- තනපුඩු විශාල වීම සහ තනපුඩුව ආශ්රිත තද පැහැති ප්‍රදේශය විශාල වීම සහ තවත් තද පැහැ වීම.
- මුහුණ ආශ්රිත පෙදෙසෙහි රතු වීමක් දක්නට ලැබීම
- හුස්ම ගැනීමේ වේගය වැඩිවීම.
- මුහුණෙහි ඉරියව් වෙනස් වීම ( වේදනාව හෝ සතුට හෝ මිශ්‍ර).
- යෝනි ශ්‍රාවයන් වැඩි වීම
- අතපය තද වීම
- යටි බඩ පෙදෙස සහ ගුද මාර්ගික පෙදෙසෙහි අනිච්ඡානුග ගැස්ම ඇතිවීම
- සන්තෘෂ්ටිය දනවන හඬ පිට කිරීම
- හෘද ස්පන්දන වේගය වැඩි වීම
- දහඩිය දැමීම
- (ඇතැම් විට) දිය විදුම