තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා දැනගන්නේ කෙසේද​?

ලිංගිකත්වය කියන්නේ අපි හැමෝටම අදාළ දෙයක්. ඉතින් Sexual orientation එහෙම නැත්නම් ලිංගික හැඩගැස්ම , මොකක්ද මේ? මම හිතනවා අපි මේ ගැන හරියට දැනගෙන ඉන්න ඕන කියල. මිනිසුන් තුල අනෙක් පිරිමියෙක්, ගැහැණියක් හෝ දෙපාර්ශවයම පිලිබඳ ඇතිවන ආදරණීය හෝ ලිංගික ආකර්ෂණය, හැඟීම් පහළවීම ආදිය එයාගේ ලිංගික නැමියාව විදියට හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ආදී ආකර්ෂණයන්, හැඟීම් වලට දක්වන සංවේදීතාවය, ඒ හා සම්බන්ධ හැසිරීම් හා සමාජයේ අන් අය හා දක්වන සම්බන්ධතා වල එකතුවක් විදියටත් හඳුන්වන්න පුළුවන්. කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම විෂම ලිංගිකයෙකු කෙරෙහි දක්වන දැඩි ආකර්ෂණයේ සිට සිට සමාන ලිංගිකයෙකු කෙරෙහි දක්වන දැඩි ආකර්ෂණය දක්වා වෙනස් වෙනවා. ඒ අනුව අපිට ලිංගික හැඩගැස්ම විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික(bisexual ) විදියට වෙන්කර පෙන්වන්න පුළුවන්. ලිංගික හැඩගැස්ම, ලිංගිකත්වය හා ලිංග භේදයෙන් ( sex and gender) වෙනස්. ජීව විද්‍යාත්මක ලිංගිකත්වය කියන්නේ කායිකව, කාය කර්මීයව හා ජානමය වශයෙන් පුද්ගලයෙක් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් හැදින්විමයි. ලිංගික අනන්‍යතාවය (Gender identity ) කියන්නේ මානසිකව කෙනෙක් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් හැදින්වීම. ඒ වගේම සමාජීය වශයෙනුත් කෙනෙකුගේ ලිංගිකත්වය වෙනස් වෙනවා එයාගේ සමාජීය භූමිකාව උඩ. නමුත් ලිංගික හැඩගැස්ම මේ ඔක්කොගෙන්ම වෙනස්. ලිංගික හැඩගැස්ම කෙනෙකුගේ ලිංගිකත්වය හා ලිංගභේදය එක්ක කතා කරන එක තමයි සාමාන්‍ය විදිය. ඒත් ඒක පුද්ගලීය වශයෙන් කතාකරන එක අසම්පුර්ණ දෙයක්. මොකද ලිංගික හැඩගැස්ම නිර්වචනය වෙන්නේ අනිත් අයත් එක්ක තියන හැසිරීම එක්ක (ඒක අත් අල්ලාගෙන ඉන්න එක හාදුවක් දෙන එක වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්). ඒ එක්කම ලිංගික හැඩගැස්ම තදින්ම ආදරය අවශ්‍යවීම, අනුරාගී ආකර්ෂණය, දැඩි මිත්‍රත්වය වගේ ආත්මීය බැඳීම් එක්ක තදින්ම එකතුවුණු දෙයක්. ලිංගික හැසිරීම් වලට අමතරව මේ බැඳීම්, සහකරු සමඟ පවතින ලිංගික නොවන කායික බැඳීම්, එකම අරමුණු, සහ බලාපොරොත්තු වෙනුවෙන් සුදානම් වීම, එකිනෙකාට උපකාරවීම, සහ ඉදිරියට පවතවාගෙන යන බැඳීම් සහ නොකැඩෙන අවධානය වගේ දේවල් එක්කත් සම්බන්ධවෙනවා. අන්න ඒ නිසා ලිංගික හැඩගැස්ම හුදෙක් පුද්ගලීය වශයෙන් පවතින දෙයක් විතරක් නෙවි කියල අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට කොහොමද කෙනෙක් දැනගන්නේ තමන් අයිති මොන කණ්ඩායමටද කියල? විද්‍යාත්මක සහ වෘත්තීය අවබෝධයන්ට අනුව පුද්ගලයෙකුගේ මූලික වැඩිහිටි ලිංගික හැඩගැස්ම සඳහා පදනම වැටෙන්නේ එයාගේ මධ්‍ය ළමා අවධියේ සහ මුලික යෞවන අවධියේදී. මෙම භාවාත්මක, අනුරාගී, සහ ආදරණීය රටාවන් පූර්ව ලිංගික අත්දැකීම් ඇතිව හෝ නැතිව ඇතිවෙන්න පුළුවන්. කෙනෙක්ට බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්, ඒත් එයා දන්නවා එයා විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියල. එක එක විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික අයට එක එක විදියේ අත්දැකීම් තියනවා එයාලගේ ලිංගික හැඩගැස්ම ගැන. සමහරුන්ට ලිංගික අත්දැකීමක් ලබන්න ගොඩාක් කාලෙකට කලින් තමන්ගේ අනන්‍යතාවය දැනෙනවා. සමහරු ලිංගික අත්දැකීම් ලබනවා එයාලා තමන්ගේ ලිංගික හැඩගැස්ම හරියට තේරුම් ගන්න ගොඩාක් කාලෙකට කලින්. මොනවා හින්දද කෙනෙක්ට අනන්‍ය ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නේ? ඇත්තම කියන්න විද්‍යාඥයෝ අතරත් පොදු එකඟතාවයක් නැහැ මොකක් හින්දද හරියටම කෙනෙක් විෂම ලිංගික, සම ලිංගික හෝ උභය ලිංගික වෙන්නේ කියලා. ඒත් ගොඩාක් පර්යේෂණ අධ්‍යනය තියනවා ලිංගික හැඩගැස්ම ඇතිවිය හැකි විවිධ ජානමය, හෝර්මෝනමය, මානසික, සමාජීය, සංස්කෘතික සහ පරිසර සාධක සම්බන්ධයෙන්. නමුත් එකදු පර්යේෂණයක් වත් ඔප්පු කරලා නැහැ, කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම ඇතිවෙන්නේ මෙන්න මේ හින්දමයි කියන්න පුළුවන් විදියේ දෙයක්. ගොඩක් අය විශ්වාස කරනවා ස්වභාවධර්මය වගේම විකසනයත් සංකීර්ණ චරිතයක් රඟපානවා කියල කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම ඇතිකිරීම පිළිබඳව. ඒත් කිසිම කෙනෙකුට හැඟීමක් ඇතිවෙන්නේ නැහැ මේක තමන්ගේ ලිංගික හැඩගැස්ම තෝරා ගැනීමක් (choice) කියලා. ඒ නිසා ඒක ඒ විදියට අර්ථ දක්වනවානම් ඒක වැරද්දක්. Share

මංගල රාත්‍රිය ගත කිරීමට පෙර සෑම මනාලියකම දැනසිටිය යුතු කරුණු 10ක්

අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහෝ දෙනා තුල යම් තරමක චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මංගල රාත්‍රිය යනු ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ඇති අමරණීය මොහොතක්. එම මොහොත සුන්දර එකක් බවට පත්කරගැනීමට නම් ඔබ ඒ පිළිබඳව යම් දැනුමක් ලබා තිබීම අනිවාර්යයයි. මේ මංගල රාත්‍රිය ගත කිරීමට යාමට පෙර මනාලියක විසින් දැනගත යුතු කරුණු 10ක්. ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න ඔබ දෙදෙනා මංගල කුටියට පැමිණෙන්නේ දිගු විඩාබර දිනයකට පසුවයි. එපමණක් නොවෙයි මංගල දිනයේ කටයුතු සැලසුම් කිරීම සඳහා මාස කිහිපයක් කායික හා මානසික මේ දෙයාකාරයෙන්ම ඔබ දෙදෙනා වෙහෙස වී තිබෙනවා. ඉතින් ඒ නිසා කුටියට පැමිණි පසු ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න. ස්නානය කර දෙදෙනාම කෙටි නින්දක් ලබන්න. පිළිසඳරේ යෙදෙන්න. මධුසමය පිලිබඳ ඔබ තුල ඇති සැලසුම් පිලිබඳ කතා බහ කරන්න. ලිංගික කටයුතු පිලිබඳ ඔබ තුල ඇති දැනුම ඉතාම අල්ප විය හැකියි. සමහර විට ඔබට විවාහයට පෙර යම් යම් ලිංගික අත්දැකීම් ඇති. නමුත් විවාහයක් තුල ඇති ලිංගිකත්වය විවාහයෙන් පරිබාහිරව සිදුවන ලිංගික කටයුතුවලට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ මතකයේ තබා ගත යුතුයි. එසේත් නැතිනම් ඔබට ඒ පිලිබඳ පූර්ව අත්දැකීම් කිසිවක්ම නැතිවත් ඇති. එම නිසා විවාහය තුලදී සිදුවන ලිංගික කටයුතු පිලිබඳ ඉගෙන ගැනීමට ඔබට බොහෝ දේවල් තිබෙනවා. ඒවා ඔබ දෙදෙනාම එක්ව ඉගෙන ගත යුතුයි. අතීතය අමතක කර දමන්න. විවාහ වීමත් සමඟ ඔබ එළඹෙන්නේ ඔබේ ජීවිතයේ නවමු යුගයකටයි. ඒ දිවියේ සතුට පවත්වාගැනීමට නම් අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම්වල මතකයන්ට ඔබ සමුදිය යුතුමයි. අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම් යනු ඔබට තිබූ පෙම් සබඳතා, ලිංගික කටයුතු මේ ආකාරයේ ඕනෑම දෙයක් විය හැකියි. මංගල රාත්‍රිය ගත කරන විට ඒ සියල්ල අමතක කර දමන්න. ඒවායින් ඔබට වන යහපතක් නැහැ. අලුතෙන්ම ජීවිතය පටන් ගන්න. මංගල රාත්‍රිය පිලිබඳ චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. ආදර සබඳතාවයකින් පසුව සිදුවන විවාහයක් තුලදී වුවත් මංගල රාත්‍රිය පිලිබඳ ඔබට යම් චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මෙතෙක් කල් දෙමාපිය රැකවරණය යටතේ කල් ගෙවූ ඔබ ඔවුන්ග්න් වෙන්ව වෙනත් අයෙකු හා තනිවීම නිසා එසේ චකිතයක් ඇති වීම පුදුමයකුත් නෙවෙයි. ඒ නිසා හැකිතාක් සැහැල්ලුවෙන් හා සතුටින් සිටීමට උත්සාහ ගන්න. මංගල රාත්‍රියේ සිදුවන ලිංගික කටයුතු පරිපූර්ණ නැහැ. ඔබට අත්දැකීම් මද වීම, චකිතය ආදී සියල්ලම එයට හේතුවනවා. ඒ නිසා ඒ පිලිබඳ අනවශ්‍ය බියක් ඇති කරගැනීම කළ යුතු නැහැ. ඔබ දෙදෙනා අතර යහපත් සන්නිවේදනයක් තිබිය යුතුයි. මංගල රාත්‍රිය යනු ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ සිරුරු පිලිබඳ හොඳින්ම දැන හැඳින ගන්නා දිනයයි. ඔබේ සිරුර පිලිබඳ ඔහුටද ඔහුගේ සිරුර පිලිබඳ ඔබටද දැනගත යුතු දේවල් බොහොමයක් ඇති. ඒ සියල්ල පිලිබඳ ලැජ්ජා නොවී එකිනෙකා හා කතා බහ කිරීමයි කළ යුත්තේ. අනෙක් අතට ඔබට අවශ්‍ය සියලුම දේවල් පිලිබඳ ඔබේ පවසීමකින් තොරව දැනගැනීමට ඔබේ සැමියාට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබේ අවශ්‍යතාවන් පිලිබඳ ඔබ ඔහුට පැවසිය යුතුයි. ප්‍රථම වරට සිදු වන ලිංගික කටයුතු මදක් වේදනාකාරී විය හැකියි. මෙයත් මංගල රාත්‍රිය පිලිබඳ සිතන විට කාන්තාවන් බියට පත්වන එක් කරුණක්. මෙහිදී ඇති වන වේදනාව සමනය කරගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි. මෙය සාමාන්‍ය දෙයක් නිසා බිය නොවී එයට මුහුණ දිය යුතුයි. අත්දැකීම් මත මෙම තත්වය මග හැරෙන බවද කිව යුතුයි. ලිංගික කටයුතු පිලිබඳ සම්පූර්ණ වගකීම සැමියාට පැවරිය නොහැකියි. ලිංගික කටයුතු සිදුවන ආකාරය පිලිබඳ සම්පූර්ණ වගකීම සැමියාට පැවරිය යුතුයි යන්න ශ්‍රී ලාංකීය සමාජය තුල පවතින වැරදි මතයක්. ලිංගික කටයුතු සම්බන්ධයෙන් සැමියාට හා බිරිඳට සම සමව වගකීම බෙදී යනවා. දෙදෙනාම තෘප්තිමත් වුවහොත් පමණයි එහි සතුට රඳා පවතින්නේ. එම නිසා ලිංගික කටයුතු වලදී බිරිඳක් ලෙස ඔබේ කොටස ඔබ ඉටු කළ යුතුයි. මංගල රාත්‍රිය යනු ලිංගික කටයුතුම නෙවෙයි. ලිංගික කටයුතු යනු මංගල රාත්‍රියේදී සිදු වන එක් දෙයක් පමණයි. ඔබ දෙදෙනා කායිකව පමණක් නොව මානසිකව හා අධ්‍යාත්මික වශයෙනුත් එකිනෙකා හා බැඳෙන්නේ මංගල රාත්‍රිය තුළදීයි. ඔබ දෙදෙනා අතර ඇති සුහදතාවය, බැඳීම ශක්තිමත් කරගැනීමට මෙන්ම අනාගත බලාපොරොත්තු පිලිබඳ නිවී සැනසිල්ලේ කතා බහ කිරීමට මංගල රාත්‍රිය තරම් උචිත අවස්ථාවක් තවත් තිබිය නොහැකියි. එම නිසා ඒ මොහොත ලිංගික කටයුතුවලට පමණක් ලඝු කරන්නට එපා. මංගල රාත්‍රිය යනු ආරම්භය පමණයි. බිරිඳ හා සැමියා ලෙස ඔබ දෙදෙනාට තව බොහෝ දුර ජිවිතයේ ගමන් කිරීමට තිබෙනවා. එම නිසා මංගල රාත්‍රියේදී දෙදෙනා අතින් සිදුවන යම් යම් අතපසුවීම් පිලිබඳ ඕනෑවට වඩා සිතන්නට යන්න එපා. එය ආරම්භය පමණයි. ඒවා නිවැරදි කරගැනීමට ඔබට ඇති තරම් කල් තිබෙනවා. ගැටළු පිලිබඳ විශ්වාසවන්ත එක් අයෙකුට පමණක් පවසන්න. මෙම විශ්වාසවන්ත පුද්ගලයා වෛද්‍යවරයෙකු හෝ ඔබගේ සමීපතම යෙහෙළිය හෝ අන් අයෙකු විය හැකියි. ඔහු හෝ ඇය අත්දැකීම් සහිත අයෙකු වේ නම් එය වඩාත් සුදුසුයි. ලිංගික කටයුතු, විවාහය පිලිබඳ ඇතිවන ගැටළු සිතේ තබාගෙන නොසිට සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගැනීමයි ඔබ විසින් කළ යුත්තේ.

ලිංගික ක්‍රියාවේ විශිෂ්ටයෙක් වීමේ මග 4-කන්‍යාභාවය

කාන්තාවක් ස්වයංවින්දනයේ යෙදෙනකොට හරි පිරිමි කෙනෙක් එක්ක foreplay කරනකොට හරි කන්‍යාපටලය කැඩෙන්න පුලුවන්ද කියන එක.(මෙතනදී සම්පූර්ණ සංසර්ගයේ යෙදෙන්නෙ නැහැ කියල තමයි අපි උපකල්පනය කරන්නෙ) මුල්න්ම මෙහෙම දෙයක් කියන්න ඔනෙ.කන්‍යාභාවය කියල කියන්නෙ මොකක්ද කියන එක ගැන ගොඩක් මත තියෙනව. සමහරු කියන්නෙ මුලින්ම පුරුෂ ලිංගයක් කාන්තා යෝනි මාර්ගයට ඇතුල් කරනකල් ඒ කාන්තාව කන්‍යාවක් කියල. එත් සමහරු අහනව එතකොට පිරිමි කෙනෙක් එක්ක කරන්න පුලුවන් ඔක්කොම කරල ලොකුම දේ විතරක් කලේ නැති අය කන්‍යාවොද කියල( ශ්‍රීලංකාවේ ගොඩක්ම වෙන්නෙ මෙක කියල කියවන අය දන්නවනෙ) එක ඉතින් අපි සංවාදයට බැහැර කරමු. හැබැයි මෙකත් කියන්නම ඕනෙ, ආහාර, ජලය, වාතය වගේ ලිංගිකත්වයත් මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ඉතින් එක ඉටුකරගන්න අනිත් වැඩ ඔක්කොම ඉවරකරනකල් ඉන්න කියනඑකත් විශාල අසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ (ලංකාවේ ආදකාලෙ වෙන්නෙ එකනෙ, ඉගෙනගෙන සමහරවිට උපාධි, ඩිප්ලෝමා කරන්න පුලුවන් ඔක්කොම කරල හොඳ රස්සවකුත් හොයාගෙන ගේකුත් හදලනෙ කසාදෙ ගැන කට්ටිය හිතන්නෙ එතකොට ඉතින් හොද වයස ගිහිල්ල. WHO එකෙන් කියනව පිරිමියෙකුට ලිංගිකත්වයේ උපරිමයට එන්න හොඳම වයස අවුරුද්ද 25ත් 29ත් අතර කාලය කියල.අපේ ගොඩක් අය මේ වයසෙදි තම්යි පලවෙනි පාරට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලන්නෙ. ඉතින් උපරිමය ගැන මොන කතාද?) ඒ නිසා විවාහ නොවී කරන ලිංගික සම්බන්ධතා (බාහිර) අද ගොඩක් වැඩිවෙලා.එකෙ ඇතිවරදකුත් නෑ බැලුවහම. ඒත් ලංකාව වගේ රටවල තවමත් තියෙන මේ කන්‍යාපටල මිත්‍යාව නිසා පිරිමින්ට මොනදේ කරන්න පුලුවන් උනත් ගැහැණු ලමයින්ට නම් සීමාවක් ඇතුව තම්යි ලිංගික ක්‍රියාව විතරක් නෙමෙයි ස්වයංවින්දනය පවා කරන්න වෙලා තියෙන්නෙ. මුලින්ම අපි බලන්න යන්නෙ කන්‍යාපටලය කියන්නෙ මොනවගේදෙයක්ද කියල. ඇත්තටම කිව්වොත් පිරිමි කෙසේවෙතත් කාන්තාවෝවත් තමන්ගෙ ශරීරයේ තියෙන මේ අවයවය ගැන දන්නෙ නැහැ කිව්වොත් එක තමයි ඇත්ත. කන්‍යාපටලය කියල කිව්වට එක ඇත්තටම පටලයක් නෙමෙයි.ඒක අපේ ශරීරය ඇතුලෙ තියෙන ගොඩක් තැන් වගේ හැදිල තියෙන්නෙ mucosa කියන ස්ථරයකින්. එක හරියට අපේ සම වගේ ඒත් හමේ වගේ කෙරටීන් වලින් හැදිච්ච උඩ ස්ථරයක් එකෙ නැහැ.ඒ වගේම මේක පිහිටලා තියෙන්නෙ ගොඩක් අය හිතනව වගේ යොනි මාර්ගයේ ගොඩක් ඇතුලෙ නෙමෙයි.සාමාන්‍යයෙන් අඟල් 1.5ක් නැත්නම් 2ක් විතර ඇතුලෙ වගේ තමයි තියෙන්නෙ.අනිවර්යෙන්ම කන්‍යාපටලයේ සිදුරක් හෝ කිහිපයක් තියෙන්නෙ ඕනෙ.(එහෙම නැත්නම් menses උනහම රුධිරය පිටතට යන්නෙ කොහොමද?)ඒ වගේම කන්‍යාපටලයේ විවිධ වෙනස්කම් තියෙනව ඒ වර්ග කිහිපයක් තමයි ඔය උඩ තියෙන පින්තුරෙ තියෙන්නෙ.ඒත් ඒව ගැන වැඩිදුර කතාකරන1 මේ මතෘකාවට අදාල වෙන්නෙ නැහැ. කොච්චර දෙවල් කිව්වත් මේ දේ නොකිව්වොත් ලිපිය අසම්පූර්ණයි කියලයි මට හිතෙන්නෙ.ඒ තමයි ලොකේ කාන්තාවන්ගෙන් 25%කට ඔය කන්‍යාපටලය කියන එක ස්වාභාවිකවම පිහිටලා නැහැ.ඒ වගේම සමහර ශාරීරික ක්‍රියාකාරකම් වලින්(ජිම්නාස්ටික් වගේ) කන්‍යාපටලයට හානි වෙන්න පුලුවන් කියන1. ඒ නිසා පළමු ලිංගික ඇසුරෙදි ඊනියා රුධිර සංකේතය පහළ නොවුනයි කියල ඒ කාන්තාව කන්‍යාවක් නෙමෙයි කියල තීරණය කරන්න සාමාන්‍ය පිරිමින්ට තියා වෛද්‍යවරුන්ට වත් බැහැ.වෛද්‍යවරුන් උනත් පුලුවන් වෙන්නෙ කන්‍යාපටලයට ලඟකදී මොකක් හරි හානියක් වෙලා හියෙනවද කියන්න විතරයි.එක පරණ 1ක් නම් ඒ හානිය වෙලා තියෙන්නෙ ලිංගික ඇසුරකදිද නැත්නම් වෙනත් විධියකටද කියල කියන්න කාටවත් බැහැ.ඒ නිසා මේ දෙයින් ගැහැණු ළමයෙකුගේ අනාගතය තීරණය කිරීම තරම් අපරාධයක් තවත් නැහැ. කොහොම හරි කතව මෙකයි, ඔය කන්‍යාපටලයේ තියෙන සිදුරෙන් ඇන්ඟිල්ලක් ලෙසියෙන්ම ඇතුල් කරන්න පුලුවන්.හැබැයි ඊට වඩා ලොකු දෙයක් දාන්න හැදුවොත් නම් ඉතින් වගකියන්න බැහැ.පරීක්ශණ වලින් තහවුරු වෙලා තියෙනව ඔය සිදුරෙන් පහසුවෙන්ම එක ඇන්ඟිල්ලක් ඇතුල් කරන්න පුලුවන් කියන එකත් එකෙන් ජී-තිත(G-spot) පිරිමැදීම පමණක් නෙමෙයි ගැබ් ගෙල ආශ්‍රිත ප්‍රදේශය පවා ස්පර්ශ කිරීමෙන් කාන්තාවන් සතුටු කරන්න පුලුවන් කියන1 ත්.මේක ස්වයංවින්දනයේ යෙද්න කාන්තාවකට උනත් කණ්ණාඩියකින් බලාගෙන කරන්න පුලුවන්.ඒ වගේම තමන්ගේ සහකාරියගේ කන්‍යාපටලයට හානි නොකර ඇයව උපරිමයෙන්ම සතුටු කරන්න උත්සාහකරන පිරිමින්ටත් හොඳ ආරංචියක් වෙයි. ඒත් rough විදිහට ඇන්ඟිල්ලෙන් උනත් කරන දෙයින් කන්‍යාපටලයට හානි වෙන්න පුලුවන්.ඒ නිසා හොඳ ඉවසීමක් හා දරාගැනීමේ හැකියාවක් නැත්නම් පිරිමි මේ දේ නොකලට කමක් නැ.මොකද ඇන්ඟිල්ල ගොඩක්ම චලනය නොකර එහෙත් ඇයව සතුටු වෙන ආකාරයට ක්‍රියාකිරීම ගොඩක් අමාරු දෙයක් නිසා.අනිත් එක තමයි කන්‍යාපටලය විතරක් නෙමෙයි යොනි මාර්ගයත් හැදිල තියෙන්නෙ මන් අර මුලින් කියපු mucosa කියන පටකයෙන් ඉතින් සමහර වෙලවට ඔය තැන් පොඩ්ඩක් තුවාල වෙන්න පුලුවන්.විශේෂයෙන්ම කන්‍යාපටලය නොකැඩුනත් සමහර තැන් පොඩ්ඩක් ඉරෙන්නත් පුලුවන්.ඉතින් ඔහොම ඇන්ඟිල්ලෙන් කරන කොට සමහර දවස් වල රුධිරය බිංදුවක් දෙකක් යොනි මාර්ගයෙන් පිටවීමත් සාමාන්‍යයි කියලයි කියන්නෙ.විශේශයෙන් ටිකක් තදින් කලොත්.නමුත් මෙක කන්‍යාපටලයට හානිවීමක් නිසා වෙන දෙයක් නෙමෙයි කියලත් කියන්න ඕනෙ. කොහොමින් කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නෙ මෙකයි.යොනි මාර්ගය ඇතුලෙත් දහස් ගනන් කාම නිළ පිහිටල තියෙනව.ඒවා උත්තේජනය කිරීමෙන් ලැබෙන සතුට වෙනස්ම එකක්.ඒත් risk 1ක් ගන්න කැමති නැත්නම් කරන්න තියෙන හොදම දේ තමයි clitoris1 පිරිමැදීමෙන් සතුටුවීම.ඒකෙන් ඔය ඊනියා කන්‍යාභාවය විනාශවෙයි කියල පොඩ්ඩක්වත් බය නොවී ලිංගික සතුටත් උපරිමව විඳින්න කාන්තාවන්ට ඉඩ සලසනවා.